මුල පිරීම
මුල පිරීම ගුරුවරියක වන මා , තිරිංග නොමැති මුඛය අවදි කිරීමට බොහෝ කලක සිට කල් යවමින් සිටියේ කවදා හෝ ඒ සදහා නිවාඩුවක් ලැබේ යයි සිතාගෙනයි . ඒ දවස කවදාවත් උදා නොවන බව වටහා ගන්න මෙතරම් කලක් ගත වුයේ , දැන් යමක් කමක් තේරෙන පරිනත වයසකට ඇවිත් වත්ද කියා මට සිතේ. ලියන්න පටන් අරන් බලමු මොකද තත්වේ කියල. මම අනවශ්‍ය ලෙස කතා කිරීමට අකමැති කෙනෙක් උනත් අවශ්‍ය තැනදී තිරිංග නොමැති කට අවදි කරයි. සමාජ අසධාරණක් උන විට හෝ අනවශ්‍ය දේවල් සිදුවනවිට හෝ නිවැරදි දෙය සදහා විවර වෙන මේ කට නිසා සිදුඋන හොදට වඩා නරක වැඩිය . නමුත් තිරිංග නොමැති කට අවදි වන අවස්ථා අඩු නැත . අපි සම්ප්‍රදායකව කට වහගෙන සිටිය යුතුය කියා සිතන අය බොහෝ විට මගේ යහළුවෝ ද නෑයෝ ද නොවෙති ( ඔවුන්තගේ තීරණයට අනුව) . එය ප්‍රශ්නයක් නොකරගත් මම තිරිංග නොමැති කට අව...