Posts

Showing posts from June, 2019

Digital වලින් එහා තවත් ලෝක ඇත පරීක්ෂණය

අත්දුටුවයි සත්තයි,කරලාම බලන්න,ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් ලැබෙයි! අවශ්‍ය කරන ද්‍රව්‍ය : 1) ළමයින්ව ආකර්ෂණය කරන අලුත් පොත් කීපයක්(ඒ ඒ වයස් මට්ටම් වලට අදාලව e.g පින්තූර පොත් ,මැජික් ,තේරවිලි ,අන්දරේ,Tin Tin,hand work,පුදුම හත etc) . 2) තමන් ආසා කරන අලුත්  පොතක් කැමති අංශයකින්. 3) තම සහ කරු හෝ සහකාරිය ආසා කරන අලුත් පොතක්. Method : මේ වැඩේට මුලපුරන අවස්ථාවේ ගෙදර wi-fi එක ක්‍රියාවිරහිත කරන්න.සුදුසු වේලාවක් තෝරගන්න TV එක off කරලා remote control එක ඇස නොගැටෙන තැනක තබන්න.මොබයිල් phones off/airplane mode/silent කරන්න (tabs laptopsඇතුලුව) .ඇස නොගැටෙන තැනක  තබන්න. දැන් TV බලන තැන හෝ ගෙදර අය නිතර එකතුවෙන/ඇසගැටෙන මානයේ මේසයකින් අර ළමා පොත් ටික තියලා,ඔබත් එතනම ඉදන් අර ඔබ සදහා මිලදී ගත් පොත ආසාවෙන් කියවන්න.අන් අයගේ කාතාබහට වැඩි ප්‍රතිචාරයක් නොදක්වා කියවන්න.ඔබ පොත් කියවීමට අකමැති කෙනෙකු වුවද දරුවන් වෙනුවෙන් පොත ඉතා ආසාවෙන් කියවන බව පෙන්වන්න. ඔබේ පොත මිලදී ගන්නා විට ඔබේ සහකරු හෝ සහකාරිය සදහාද කැමැත්ත පරිදි පොතක් මිලදී ගැනීමට අමතක කරන්න එපා.එම පොත ඔබ පොත කියවීම සිදු කරීමට පෙර ත