Posts

Showing posts from July, 2019

අන්ත අසරණ වූ දරුවෙක්

පාසල් යන කාලේ අප විවිධ දේවල්,දඩුවම් සන්ඩුසරුවල් වලට මුහුන දුන් අවස්තා එමටයි.නමුත් ඒ එකක් වත් මේකයි කියලා හරියට මතක නැති තරන්,නමුත් මට නිතර මතකයට නැගෙන අන්ත අසනණ වූ එක් අවස්ථාවක් දුවට පාඩම් වලට උදවු කරන විට නිතර මතකයට නැගේ. මෙම සිදුවීම වෙන කොට මම හතර වෙනි වසරෙ.සින්හල වලට සතියේ එක දවසක් වෙන් කරලා තිබුනා රචනා ලියන්න. ඔන්න සුපුරුදු පරිදි ටීචර් පන්තියටම ආයුබෝවන් කියලා අවිත් පුටුවේ වාඩි උනා. ආ ළමයි අද රචනා ලියන දවසනෙ ,රචනා පොත් ගන්න.. ඔන්න ටීචර් නැගී හිටියා මාතෘකාව ලියන්න.මම භීතියෙන් බලන් හිටියේ අද මොන හෙන ගෙඩියක් දෙයිද දන් නෑ ලියන්න කියලා, මොකද ටීචර් ඊලගට කරන්නෙ අර හිටපු පුටුවට යන එක.මට රචනා ලියන එක තරම් අමිහිරි දෙයක් තවත් නෑ.මට හිතෙන විදිහට මම රචනාවට කරුනු දැක්වුවම මට කවදාවත් ලකුනු නෑ,ටීචගේ හිතේ තියන  දේ බර වචන දාලා ලියන අයටයි ලකුනු හම්බ වෙන්නේ, ඒ දවස් වල මට තේරුනු ව්දිහට.වැරද්දක් කියන් නෑ.ඔන්න ඔතින් මාතෘකාව ලියුවම තමා හතර වසරෙ හිටපු රජිතා බබාට  හීන් දාඩිය දැම්මේ. මෙන්න බොලේ මාතෘකාව 'වීර කැප්පැටිපොල' ඒ කවුද ?🤔කනින් කොනින් ඇහිලා තිබුනට මෙලෝ විස්තරයක්  දන් නෑ.ඒ

පුදුම වේලාව

Image
Jul 18 at 9:51 AM වේලාව පාන්දර 3.30 යි.  හොදටම දාඩිය දාලා , පොඩි සද්දයකුත් ඇහුනනිසා ඇහැරුනා. බලනකොට current එක නෑ, fan එක off වෙලා.තවත් සද්දයක් ඇහුනා, අම්මෝ හොරු ඇවිත් current කපලවත්ද? එක පාරටම පාරපැත්තෙන් එලියක් වැටුනා, hubbyට හොරනෑ ගැහුවත් ඇහැරෙන් නැති එකේ කතා කරලා සද්ද කරන්න හොද නෑ.curtain එක හිමිහිට එහාට කරලා පහල පාර දිහා බැලුවා, අම්මෝ ගෙදර ලගටම ඇවිත් car එකක් නතර කරලා, හොරු ආපු වාහනයද කොහෙදෝ.බයෙන් බලන් හිටියා , driving seat එකේ හිටපු හයේ හතරේ මනුස්සයා බැහැලා ඩිකිය ඇරියා, මෙන්න බොලේ ගේ පැත්තට එනවා.මම හිතුවා තාප්පෙන් පනින්න තමා යන්නේ කියලා ගන්න ඕන precautions ටික ඔක්කොම හිතුවා.ඉස්සල්ලාම දුවව බේරගන්න විදිහක් කල්පනා කරන්න උනා.එක පාරටම current එකත් ආවා. හොදට නැමිලා බැලින්නන් මෙන්න බොලේ මනුස්සයා අර දුව ඊයේ දුන්නු පැල දන්සලේ ඉතුරු වෙලා පාරේ දාලා තිබුන පැල දෙකක් අරන් යනවා.🤣දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ!😅පැල දන්සලේ බෝඩ් එක තාම පාරේ ඉතුරුවුන පැල දෙක තුනක් එක්ක.Fan එක වැඩ නිසා cool down උනා හැබැයි 4.30ට ආය ඇහැරෙන්න තිබුන නිසා නැවත නින්ද ගියේ නෑ. True story  උදේ