Posts

හිනාව

Image
හිනාව- දරුවන්ට හිනා වෙන්න පුරුදු කරන්න. ශ් ‍ රී ලාන්කියයන්ට unique වෙච්ච දේවල් අතරින් එකක් තමයි මුහුනේ රැදුනු ලස්සන හිනාව 😊 .වරක් දිවයිනට පැමිණි ශාරුක් ඛාන් සම්මුඛ සාකච්ඡාවක කියා තිබුනා මතකයි ,ලන්කාවේ පොලිස් නිලධාරියගේ පටන් බොහෝ දෙනා ප් ‍ රසන්න සිනාවක් මුව දරා සිටින බව. හිනා වර්ග: 1) විහිලු කර සිනාසීම: විහිලුවකදී විහිලුව කරන්නා සහ විහිලුවට ලක් වෙන්නා යන දෙදෙනාම හිනාවෙනවනන් ඒක විහිලුවක්.විහිලුවට ලක් වෙන්නා දුක් වෙන වනන්, තරහයයි නන්, ශාරීරිකව හෝ මානසිකව පීඩනයට ලක් වේ නම් එවන් විහිලු කිරීම සදුසු නැත. අපේ යාලුවන් එක්ක විහිලු කිරීමේදී හේතු අනවශ් ‍ ය වන අපට , සිනා සීමටද හේතු අනවශ් ‍ යයි .නමුත් ethical වෙන්නෙ දෙන්නටම හිනා වෙන්න පුලුවන්නන් තමා.මේක stress එක පාලනයටත් හොදම විසදුමක්. විහිලු කතා පොත් කියවීමෙන් සහ විහිලු(comic) කතා නැරඹීමෙන්ද මෙවන් සිනා උපදී. මේ දවස් වල වහිනව හොදටම, දුවගෙ ඉස්කෝලෙට යන පාරේ ලොකු වතුර වලක්, හැම වාහනයම හිමින් යන අතරේ පිඹගෙන ආපු Wagon R එකක් යහමින් වතුර වලට දමා මාවත් හොදටම නාවා යන්න ගියා.watch එක විතරයි water proof, මම water proof නැති නිසා හිසේ සිට පාදාන්තය දක්වා

අන්ත අසරණ වූ දරුවෙක්

පාසල් යන කාලේ අප විවිධ දේවල්,දඩුවම් සන්ඩුසරුවල් වලට මුහුන දුන් අවස්තා එමටයි.නමුත් ඒ එකක් වත් මේකයි කියලා හරියට මතක නැති තරන්,නමුත් මට නිතර මතකයට නැගෙන අන්ත අසනණ වූ එක් අවස්ථාවක් දුවට පාඩම් වලට උදවු කරන විට නිතර මතකයට නැගේ. මෙම සිදුවීම වෙන කොට මම හතර වෙනි වසරෙ.සින්හල වලට සතියේ එක දවසක් වෙන් කරලා තිබුනා රචනා ලියන්න. ඔන්න සුපුරුදු පරිදි ටීචර් පන්තියටම ආයුබෝවන් කියලා අවිත් පුටුවේ වාඩි උනා. ආ ළමයි අද රචනා ලියන දවසනෙ ,රචනා පොත් ගන්න.. ඔන්න ටීචර් නැගී හිටියා මාතෘකාව ලියන්න.මම භීතියෙන් බලන් හිටියේ අද මොන හෙන ගෙඩියක් දෙයිද දන් නෑ ලියන්න කියලා, මොකද ටීචර් ඊලගට කරන්නෙ අර හිටපු පුටුවට යන එක.මට රචනා ලියන එක තරම් අමිහිරි දෙයක් තවත් නෑ.මට හිතෙන විදිහට මම රචනාවට කරුනු දැක්වුවම මට කවදාවත් ලකුනු නෑ,ටීචගේ හිතේ තියන  දේ බර වචන දාලා ලියන අයටයි ලකුනු හම්බ වෙන්නේ, ඒ දවස් වල මට තේරුනු ව්දිහට.වැරද්දක් කියන් නෑ.ඔන්න ඔතින් මාතෘකාව ලියුවම තමා හතර වසරෙ හිටපු රජිතා බබාට  හීන් දාඩිය දැම්මේ. මෙන්න බොලේ මාතෘකාව 'වීර කැප්පැටිපොල' ඒ කවුද ?🤔කනින් කොනින් ඇහිලා තිබුනට මෙලෝ විස්තරයක්  දන් නෑ.ඒ

පුදුම වේලාව

Image
Jul 18 at 9:51 AM වේලාව පාන්දර 3.30 යි.  හොදටම දාඩිය දාලා , පොඩි සද්දයකුත් ඇහුනනිසා ඇහැරුනා. බලනකොට current එක නෑ, fan එක off වෙලා.තවත් සද්දයක් ඇහුනා, අම්මෝ හොරු ඇවිත් current කපලවත්ද? එක පාරටම පාරපැත්තෙන් එලියක් වැටුනා, hubbyට හොරනෑ ගැහුවත් ඇහැරෙන් නැති එකේ කතා කරලා සද්ද කරන්න හොද නෑ.curtain එක හිමිහිට එහාට කරලා පහල පාර දිහා බැලුවා, අම්මෝ ගෙදර ලගටම ඇවිත් car එකක් නතර කරලා, හොරු ආපු වාහනයද කොහෙදෝ.බයෙන් බලන් හිටියා , driving seat එකේ හිටපු හයේ හතරේ මනුස්සයා බැහැලා ඩිකිය ඇරියා, මෙන්න බොලේ ගේ පැත්තට එනවා.මම හිතුවා තාප්පෙන් පනින්න තමා යන්නේ කියලා ගන්න ඕන precautions ටික ඔක්කොම හිතුවා.ඉස්සල්ලාම දුවව බේරගන්න විදිහක් කල්පනා කරන්න උනා.එක පාරටම current එකත් ආවා. හොදට නැමිලා බැලින්නන් මෙන්න බොලේ මනුස්සයා අර දුව ඊයේ දුන්නු පැල දන්සලේ ඉතුරු වෙලා පාරේ දාලා තිබුන පැල දෙකක් අරන් යනවා.🤣දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ!😅පැල දන්සලේ බෝඩ් එක තාම පාරේ ඉතුරුවුන පැල දෙක තුනක් එක්ක.Fan එක වැඩ නිසා cool down උනා හැබැයි 4.30ට ආය ඇහැරෙන්න තිබුන නිසා නැවත නින්ද ගියේ නෑ. True story  උදේ

Digital වලින් එහා තවත් ලෝක ඇත පරීක්ෂණය

අත්දුටුවයි සත්තයි,කරලාම බලන්න,ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් ලැබෙයි! අවශ්‍ය කරන ද්‍රව්‍ය : 1) ළමයින්ව ආකර්ෂණය කරන අලුත් පොත් කීපයක්(ඒ ඒ වයස් මට්ටම් වලට අදාලව e.g පින්තූර පොත් ,මැජික් ,තේරවිලි ,අන්දරේ,Tin Tin,hand work,පුදුම හත etc) . 2) තමන් ආසා කරන අලුත්  පොතක් කැමති අංශයකින්. 3) තම සහ කරු හෝ සහකාරිය ආසා කරන අලුත් පොතක්. Method : මේ වැඩේට මුලපුරන අවස්ථාවේ ගෙදර wi-fi එක ක්‍රියාවිරහිත කරන්න.සුදුසු වේලාවක් තෝරගන්න TV එක off කරලා remote control එක ඇස නොගැටෙන තැනක තබන්න.මොබයිල් phones off/airplane mode/silent කරන්න (tabs laptopsඇතුලුව) .ඇස නොගැටෙන තැනක  තබන්න. දැන් TV බලන තැන හෝ ගෙදර අය නිතර එකතුවෙන/ඇසගැටෙන මානයේ මේසයකින් අර ළමා පොත් ටික තියලා,ඔබත් එතනම ඉදන් අර ඔබ සදහා මිලදී ගත් පොත ආසාවෙන් කියවන්න.අන් අයගේ කාතාබහට වැඩි ප්‍රතිචාරයක් නොදක්වා කියවන්න.ඔබ පොත් කියවීමට අකමැති කෙනෙකු වුවද දරුවන් වෙනුවෙන් පොත ඉතා ආසාවෙන් කියවන බව පෙන්වන්න. ඔබේ පොත මිලදී ගන්නා විට ඔබේ සහකරු හෝ සහකාරිය සදහාද කැමැත්ත පරිදි පොතක් මිලදී ගැනීමට අමතක කරන්න එපා.එම පොත ඔබ පොත කියවීම සිදු කරීමට පෙර ත

මුල පිරීම

මුල පිරීම  ගුරුවරියක  වන මා , තිරිංග නොමැති මුඛය අවදි  කිරීමට  බොහෝ කලක සිට කල් යවමින් සිටියේ කවදා හෝ ඒ සදහා නිවාඩුවක් ලැබේ යයි සිතාගෙනයි . ඒ දවස කවදාවත් උදා නොවන බව වටහා ගන්න මෙතරම් කලක් ගත වුයේ , දැන් යමක් කමක් තේරෙන පරිනත වයසකට ඇවිත් වත්ද  කියා මට සිතේ. ලියන්න පටන් අරන්   බලමු මොකද තත්වේ කියල.  මම අනවශ්‍ය ලෙස කතා කිරීමට අකමැති කෙනෙක් උනත් අවශ්‍ය තැනදී තිරිංග නොමැති කට අවදි  කරයි.                                           සමාජ අසධාරණක් උන විට හෝ  අනවශ්‍ය දේවල් සිදුවනවිට  හෝ නිවැරදි දෙය සදහා විවර වෙන මේ කට නිසා සිදුඋන හොදට වඩා නරක වැඩිය .  නමුත් තිරිංග  නොමැති කට අවදි වන අවස්ථා අඩු නැත . අපි සම්ප්‍රදායකව කට වහගෙන සිටිය යුතුය   කියා සිතන අය බොහෝ විට මගේ   යහළුවෝ ද  නෑයෝ  ද  නොවෙති ( ඔවුන්තගේ තීරණයට  අනුව) . එය ප්‍රශ්නයක් නොකරගත් මම තිරිංග නොමැති කට අවදි කර කා හට හෝ උදව්වක් නිතර  කිරීමේ  නරක පුරුදක්  ඇත.                                             මෙය පාසල් යන අවදියේ බොහෝ විට තිරිංග දමා තිබුනත් විටින් විට අවදි විය. එකක් මතක් උනා : ඉස්සර උසස් පෙළ කාලයේ අමතර පන්ති අනිවාර්ය බැවින් මම