මුල පිරීම

මුල පිරීම 

ගුරුවරියක  වන මා , තිරිංග නොමැති මුඛය අවදි  කිරීමට  බොහෝ කලක සිට කල් යවමින් සිටියේ කවදා හෝ ඒ සදහා නිවාඩුවක් ලැබේ යයි සිතාගෙනයි . ඒ දවස කවදාවත් උදා නොවන බව වටහා ගන්න මෙතරම් කලක් ගත වුයේ , දැන් යමක් කමක් තේරෙන පරිනත වයසකට ඇවිත් වත්ද  කියා මට සිතේ. ලියන්න පටන් අරන්   බලමු මොකද තත්වේ කියල. 
මම අනවශ්‍ය ලෙස කතා කිරීමට අකමැති කෙනෙක් උනත් අවශ්‍ය තැනදී තිරිංග නොමැති කට අවදි  කරයි. 
                                         සමාජ අසධාරණක් උන විට හෝ  අනවශ්‍ය දේවල් සිදුවනවිට  හෝ නිවැරදි දෙය සදහා විවර වෙන මේ කට නිසා සිදුඋන හොදට වඩා නරක වැඩිය .  නමුත් තිරිංග  නොමැති කට අවදි වන අවස්ථා අඩු නැත . අපි සම්ප්‍රදායකව කට වහගෙන සිටිය යුතුය   කියා සිතන අය බොහෝ විට මගේ   යහළුවෝ ද  නෑයෝ  ද  නොවෙති ( ඔවුන්තගේ තීරණයට  අනුව) . එය ප්‍රශ්නයක් නොකරගත් මම තිරිංග නොමැති කට අවදි කර කා හට හෝ උදව්වක් නිතර  කිරීමේ  නරක පුරුදක්  ඇත.
                                            මෙය පාසල් යන අවදියේ බොහෝ විට තිරිංග දමා තිබුනත් විටින් විට අවදි විය. එකක් මතක් උනා : ඉස්සර උසස් පෙළ කාලයේ අමතර පන්ති අනිවාර්ය බැවින් මමත් අමතර පන්ති හෙව්වා . ඔන්න භෞතික විද්‍යාවට  හොදම සිර් ඉන්නෙ ළමයි දහාක් විතර යන hall class එකක බව ආරංචි උනා . නුවර  ඒ දවස් වල නම ගිය ගුරුවරු  සිටියේ  කීප දෙනයි , ඉතින් මාත් යාලුවෝ යන නිසා ඔන්න ගියා . ඔය hall class  වල card එක  මාර්ක් කරන මහත්තයට ඒ දවස් වල කියුවේ ටික්කා  කියලා . ඉතින් ටික දවසක් class එකට යනකොට මට තේරුණා  මේ මනුස්සය හිතා මතා මගේ අතින් අල්ලන බව ( card  එක අතට ගන්න ගමන්) . ඉතින් මම වැරදිලා ද   දැන් නැති  නිසා , මගේ යාලුවන්ගෙනුත් අහුවා . ඒතකොත ඒ ගොල්ලෝ කියාපී ඒක තමා අනෙ අපෙත්  අල්ලනවා ඒ මනුස්සයා  කියලා . මම කියුවා එහෙනං අදාළ බලධාරියන්ට කියමු කියලා. ඒ ගොල්ලෝ ඉතින් ඕකට අදි  මදි  කරමින් සිටියා . ඉතින් ඔහොම යනකොට දවසක් මේ මනුස්සය අයෙත් දවසක් මගේ අත ඇල්ලුවා . අන්න එදා මගේ තිරිංග නොමැති කට විවුර්ථ වූයේ අසූ හාරදාහට ද නැගීමෙන් පසුවයි. යෙහෙලියන් පෝලිමක් පසු පස සිටිඉමෙන් මට ඉමහත් ගැම්මක් ද අති විය . පසුව මම ඔහුගෙන් ඇහුව මොකද මේ  එන එන ගෑනු ළමන්ගේ අතින් අල්ලනෙ කියලා . තවත් ටික්ක මහත්තුරු ද මෙතන හිටි අතර , ලැජ්ජාව තද කරගත්ත මේ මනුස්සය මගේ අගට කඩා පැන්නා ; " ඔයා කොහොමද එහෙම කියන්නෙ, මෙච්ච්රකල්  කවුරුත් මට එහෙම කියල නෑ  " කියාපි . ඉතින් මම කියුවා මගේ විතරක් නෙවේ මේකට එන හැම ගෑ නුලමයෙකුට  එහෙම වෙලා තියනවා , ඔනනං අහලා බලන්න කියලා , මගේ යාලුවන්ගේ හූ මිටි ලබා  ගනීමට පිටුපස හැරුනු මට  දැක ගත හැකි  වූයේ ඔවුන් අන්තරස්ධාන වී ඇති බවයි. වැඩේ වැරදුන මට ඉයල්ලන්ම ඉදිරියේ හීං දාඩිය දමා තිබුනත් , පංතිය අවසන් වූ පසු සාක්ෂි රැගෙන නැවත එතනට පැමිණෙන බව පවසා පන්තිය තුලට ගිය මට මගේ යෙහෙලියන් සියල්ලන්ම එතැනදී හමුඋනත්  ඔවුන්  සාක්ෂි  ලබාදී  නැවත කරලියට ඒමට  ශක්තියක් නොමැති බව වටගා ගත් මා තීරණයකට ආවේය . ඒ මෙම සිද්ධිය අමතක කොට  නැවත එම පන්තිය වෙත  පියමන් නොකිරීමටය.
නැවත හමුවෙමු !

Comments

Popular posts from this blog

හිනාව

පුදුම වේලාව