අන්ත අසරණ වූ දරුවෙක්


පාසල් යන කාලේ අප විවිධ දේවල්,දඩුවම් සන්ඩුසරුවල් වලට මුහුන දුන් අවස්තා එමටයි.නමුත් ඒ එකක් වත් මේකයි කියලා හරියට මතක නැති තරන්,නමුත් මට නිතර මතකයට නැගෙන අන්ත අසනණ වූ එක් අවස්ථාවක් දුවට පාඩම් වලට උදවු කරන විට නිතර මතකයට නැගේ.
මෙම සිදුවීම වෙන කොට මම හතර වෙනි වසරෙ.සින්හල වලට සතියේ එක දවසක් වෙන් කරලා තිබුනා රචනා ලියන්න. ඔන්න සුපුරුදු පරිදි ටීචර් පන්තියටම ආයුබෝවන් කියලා අවිත් පුටුවේ වාඩි උනා. ආ ළමයි අද රචනා ලියන දවසනෙ ,රචනා පොත් ගන්න..
ඔන්න ටීචර් නැගී හිටියා මාතෘකාව ලියන්න.මම භීතියෙන් බලන් හිටියේ අද මොන හෙන ගෙඩියක් දෙයිද දන් නෑ ලියන්න කියලා, මොකද ටීචර් ඊලගට කරන්නෙ අර හිටපු පුටුවට යන එක.මට රචනා ලියන එක තරම් අමිහිරි දෙයක් තවත් නෑ.මට හිතෙන විදිහට මම රචනාවට කරුනු දැක්වුවම මට කවදාවත් ලකුනු නෑ,ටීචගේ හිතේ තියන  දේ බර වචන දාලා ලියන අයටයි ලකුනු හම්බ වෙන්නේ, ඒ දවස් වල මට තේරුනු ව්දිහට.වැරද්දක් කියන් නෑ.ඔන්න ඔතින් මාතෘකාව ලියුවම තමා හතර වසරෙ හිටපු රජිතා බබාට  හීන් දාඩිය දැම්මේ.
මෙන්න බොලේ මාතෘකාව 'වීර කැප්පැටිපොල'
ඒ කවුද ?🤔කනින් කොනින් ඇහිලා තිබුනට මෙලෝ විස්තරයක්  දන් නෑ.ඒ කාලේ කතාන්දර පොත් කියෙවුවට ඔය වගේ වීර කතා කියවලත් නෑ, ඒ වෙනකොට කවුරුත් කියලා දීලා තිබුනෙත් නෑ.සුපුරුදු පරිදි ටීචර් ඇයගේ පුටුවට ගොස් වාඩි වූ අතර මට එතරම් අසරන කමක් කවදාවත් දැනිලා නෑ😊.
මම ලස්සනට මාතෘකාව ලියලා යටින් ඉරි දෙකක් එහෙම ගහලා මොනවා ලියන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට මෙන්න බොලේ එහා පැත්තේ හිටපු ගයානි ලියාගෙන  ලියාගෙන යනවා.   
තවත් අසරණ වුන මම පිහිට පතා ඒ මේ අත කරකිලා බැලුවේ මම වගේ අසරණයින් තව ඉන්නවද කියලයි. පිටිපස්සේ හිටපු යාලුවත් තටම තටම මොනවදෝ වාක්‍ය දෙක තුනක් ලියලා.ටීචගේ අන පරිදි කතා කරන්නත් බෑ, කාගෙන්වත් අහගන්නවත්. මෙහෙම ටික වෙලාවක් යනකන් මගේ පොතේ මාතෘකාව විතරයි😰. ගයානි පිටුවක්ද කොහෙදෝ ලියලා, පිටුපස යාලුවත් ඡේදයක් විතර ලියලා. අනේ මම කුමක් කරම්ද අඩු ගානේ ටීචර් එයා කවුද කියලවත් කියලා තිබුනන් මොනවහරි ලියන්න තිබුනා. ඔබ විශ්වාස නොකරයි අදටත් මට ඒ ටීචගේ නමවත් මූනවත් හරියට මතක නෑ, එච්චර සුන්දර චිත්‍රයක් එතුමිය පිලිබද මගේ පුංච් මනසේ ඇදිලා තිබුනේ .කාලයත් එක්ක ඉද හිට දෙවිවරු වගේ ගුරුවරුන් හබ්බ නොවුනා නොවේ.
ඉතින් period එක ඉවර වෙලා bell එක වදිනකොට අර ලියපු අය පොත් පෙන්නලා හොදයි අරන් , භාගයක් විතර ලියපු අයත් පෙන්නලා බැනුමුත්  අහගෙන "කෝ ඔච්චරද ලියුවේ කියලා".
හොරාට පොත මගෙ බෑග් එකට දාගන්නේ ටීටර් නොලියුව  ළමයි ගැන වද වෙන්නේ නැති බව හොදාකාරව දන්න නිසා.අනිත් දවසේද ඇය පැමින කරන්නේ මාතෘකාව ලිවීම පමනක් වීම සතුටට කාරනයකි, හේතුව කලින් මාතෘකාව ගැන වද නොවීමයි.
මෙවැනි ගුරුවරුන් මගේ දරුවාටද මුන ගැසිය හැක, ඒ  නිසා ඒ සදහා දරුවන් සූදානම් කර තැබීම අපේ වගකීමයි. ලොකු දේවල් කරන්න ඕන නෑ,දරුවන්ට පොත් කියවීමේ ආශාව ඇතිකිරීම , ඒ සදහා යොමු කිරීම ප්‍රමානවත් . නමුත් ළමයි ඉගෙන ගන්න විදි වෙනස් ,ඒවාද සොයා බලා කියවන්න ආසා නැතිම ළමයින්ට කතාන්දර විදිහට කියලා දෙන්න පුලුවන් .

මම ගුරුවරියක් වූ දා සිතට ගත්තේ මගෙන් ඉගෙන ගන්න ළමයින්ට උපරිම සාධාරණයක් කරන්න අවශ්‍ය  බවයි.  ඒ නිසාදෝ නිදි මරාගෙන හෝ පසු දින පාඩමට අවශ්‍ය තොරතුරු  ,පින්තූර පොත් වලින්, internet එකෙන් සොයාගෙන ගොස් වැඩිපුර විස්තර  කිරීමේ නරක පුරුද්දක් මට ඇත. මටත් දරුවෙක් හිටයනන් එයාට වෙනවට අකමැති දේ, සිසු සිසුවියන්ට නොකිරීමට මම එදා සිට ඉටා ගතිමි

Comments

Popular posts from this blog

හිනාව

පුදුම වේලාව

මුල පිරීම