අන්ත අසරණ වූ දරුවෙක්
පාසල් යන කාලේ අප විවිධ දේවල්,දඩුවම් සන්ඩුසරුවල් වලට මුහුන දුන් අවස්තා එමටයි.නමුත් ඒ එකක් වත් මේකයි කියලා හරියට මතක නැති තරන්,නමුත් මට නිතර මතකයට නැගෙන අන්ත අසනණ වූ එක් අවස්ථාවක් දුවට පාඩම් වලට උදවු කරන විට නිතර මතකයට නැගේ. මෙම සිදුවීම වෙන කොට මම හතර වෙනි වසරෙ.සින්හල වලට සතියේ එක දවසක් වෙන් කරලා තිබුනා රචනා ලියන්න. ඔන්න සුපුරුදු පරිදි ටීචර් පන්තියටම ආයුබෝවන් කියලා අවිත් පුටුවේ වාඩි උනා. ආ ළමයි අද රචනා ලියන දවසනෙ ,රචනා පොත් ගන්න.. ඔන්න ටීචර් නැගී හිටියා මාතෘකාව ලියන්න.මම භීතියෙන් බලන් හිටියේ අද මොන හෙන ගෙඩියක් දෙයිද දන් නෑ ලියන්න කියලා, මොකද ටීචර් ඊලගට කරන්නෙ අර හිටපු පුටුවට යන එක.මට රචනා ලියන එක තරම් අමිහිරි දෙයක් තවත් නෑ.මට හිතෙන විදිහට මම රචනාවට කරුනු දැක්වුවම මට කවදාවත් ලකුනු නෑ,ටීචගේ හිතේ තියන දේ බර වචන දාලා ලියන අයටයි ලකුනු හම්බ වෙන්නේ, ඒ දවස් වල මට තේරුනු ව්දිහට.වැරද්දක් කියන් නෑ.ඔන්න ඔතින් මාතෘකාව ලියුවම තමා හතර වසරෙ හිටපු රජිතා බබාට හීන් දාඩිය දැම්මේ. මෙන්න බොලේ මාතෘකාව 'වීර කැප්පැටිපොල' ඒ කවුද ?🤔කනින් කොනින් ඇහිලා තිබුනට මෙලෝ විස්තරයක් දන්...