Digital වලින් එහා තවත් ලෝක ඇත පරීක්ෂණය

අත්දුටුවයි සත්තයි,කරලාම බලන්න,ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් ලැබෙයි!

අවශ්‍ය කරන ද්‍රව්‍ය :

1) ළමයින්ව ආකර්ෂණය කරන අලුත් පොත් කීපයක්(ඒ ඒ වයස් මට්ටම් වලට අදාලව e.g පින්තූර පොත් ,මැජික් ,තේරවිලි ,අන්දරේ,Tin Tin,hand work,පුදුම හත etc) .

2) තමන් ආසා කරන අලුත්  පොතක් කැමති අංශයකින්.
3) තම සහ කරු හෝ සහකාරිය ආසා කරන අලුත් පොතක්.

Method :
මේ වැඩේට මුලපුරන අවස්ථාවේ ගෙදර wi-fi එක ක්‍රියාවිරහිත කරන්න.සුදුසු වේලාවක් තෝරගන්න TV එක off කරලා remote control එක ඇස නොගැටෙන තැනක තබන්න.මොබයිල් phones off/airplane mode/silent කරන්න (tabs laptopsඇතුලුව) .ඇස නොගැටෙන තැනක  තබන්න.
දැන් TV බලන තැන හෝ ගෙදර අය නිතර එකතුවෙන/ඇසගැටෙන මානයේ මේසයකින් අර ළමා පොත් ටික තියලා,ඔබත් එතනම ඉදන් අර ඔබ සදහා මිලදී ගත් පොත ආසාවෙන් කියවන්න.අන් අයගේ කාතාබහට වැඩි ප්‍රතිචාරයක් නොදක්වා කියවන්න.ඔබ පොත් කියවීමට අකමැති කෙනෙකු වුවද දරුවන් වෙනුවෙන් පොත ඉතා ආසාවෙන් කියවන බව පෙන්වන්න.
ඔබේ පොත මිලදී ගන්නා විට ඔබේ සහකරු හෝ සහකාරිය සදහාද කැමැත්ත පරිදි පොතක් මිලදී ගැනීමට අමතක කරන්න එපා.එම පොත ඔබ පොත කියවීම සිදු කරීමට පෙර තෑග්ගක් ලෙස ලබා දී ඔබද පොතක් ගත් බවත්,දෙකෙහිම වර්නනාවත් කරන්න.
 (discuss ).දරුවන් digital ලෝකයෙන් එලියට ගෙන පොත් කියවීමටද හුරු කරමු කියන්න.

දැන් ඔබ පොත කියවන අතරතුර එහා මෙහා යන,ඔබගෙන් පොත ගැන ප්‍රශ්න කරන,TV වැඩකරන් නැද්ද ,wi-fi එකට මොකද උනේ වැනි ප්‍රශ්න අහන දරුවන්ට අන්න මම ඔයාලටත් පොත් වගයක් ගෙනාවා කියලා පෙන්නවන ගමන් වැඩි අවදානයක් නොදක්වා ඔබේ පොත කියවන්න.ඔබ තෝරගත්තේ ඔබ අසාකරන type එකක පොතක් නිසා වෙනසකට සහ ඔබේ මනස සැහැල්ලු වීමට එය අශාවෙන් කියවන්න(වෙලාවක් ලත් හැම විටමද).මේ පරීක්ෂණය සදහා දිනපතා කාලයක් වෙන්කොට තබන්න.(30 මි වත්)

මෙම පරීක්ෂණයෙන් පසු නිරීක්ෂණය සහ නිගමනය ඔබ සතුයි.

(විවිධපුද්ගලයන්ගේ මනසත් විවිධාකාරයි,එම  නිසා ඒවා අදුනාගෙන පරීක්ෂණය පරෙස්සමෙන් කිරීම ඔබ සතුයි)

ස්තූතිය !

Comments

Popular posts from this blog

හිනාව

පුදුම වේලාව

මුල පිරීම