පුදුම වේලාව



Jul 18 at 9:51 AM

වේලාව පාන්දර 3.30 යි.
 හොදටම දාඩිය දාලා , පොඩි සද්දයකුත් ඇහුනනිසා ඇහැරුනා.
බලනකොට current එක නෑ, fan එක off වෙලා.තවත් සද්දයක් ඇහුනා, අම්මෝ හොරු ඇවිත් current කපලවත්ද? එක පාරටම පාරපැත්තෙන් එලියක් වැටුනා, hubbyට හොරනෑ ගැහුවත් ඇහැරෙන් නැති එකේ කතා කරලා සද්ද කරන්න හොද නෑ.curtain එක හිමිහිට එහාට කරලා පහල පාර දිහා බැලුවා, අම්මෝ ගෙදර ලගටම ඇවිත් car එකක් නතර කරලා, හොරු ආපු වාහනයද කොහෙදෝ.බයෙන් බලන් හිටියා , driving seat එකේ හිටපු හයේ හතරේ මනුස්සයා බැහැලා ඩිකිය ඇරියා, මෙන්න බොලේ ගේ පැත්තට එනවා.මම හිතුවා තාප්පෙන් පනින්න තමා යන්නේ කියලා ගන්න ඕන precautions ටික ඔක්කොම හිතුවා.ඉස්සල්ලාම දුවව බේරගන්න විදිහක් කල්පනා කරන්න උනා.එක පාරටම current එකත් ආවා.
හොදට නැමිලා බැලින්නන් මෙන්න බොලේ මනුස්සයා අර දුව ඊයේ දුන්නු පැල දන්සලේ ඉතුරු වෙලා පාරේ දාලා තිබුන පැල දෙකක් අරන් යනවා.🤣දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ!😅පැල දන්සලේ බෝඩ් එක තාම පාරේ ඉතුරුවුන පැල දෙක තුනක් එක්ක.Fan එක වැඩ නිසා cool down උනා හැබැයි 4.30ට ආය ඇහැරෙන්න තිබුන නිසා නැවත නින්ද ගියේ නෑ.
True story 


උදේ දුටු දසුණ



Comments

Popular posts from this blog

හිනාව

මුල පිරීම