හිනාව

හිනාව- දරුවන්ට හිනා වෙන්න පුරුදු කරන්න.

ශ්රී ලාන්කියයන්ට unique වෙච්ච දේවල් අතරින් එකක් තමයි මුහුනේ රැදුනු ලස්සන හිනාව😊.වරක් දිවයිනට පැමිණි ශාරුක් ඛාන් සම්මුඛ සාකච්ඡාවක කියා තිබුනා මතකයි ,ලන්කාවේ පොලිස් නිලධාරියගේ පටන් බොහෝ දෙනා ප්රසන්න සිනාවක් මුව දරා සිටින බව.
හිනා වර්ග:

1) විහිලු කර සිනාසීම: විහිලුවකදී විහිලුව කරන්නා සහ විහිලුවට ලක් වෙන්නා යන දෙදෙනාම හිනාවෙනවනන් ඒක විහිලුවක්.විහිලුවට ලක් වෙන්නා දුක් වෙන වනන්, තරහයයි නන්, ශාරීරිකව හෝ මානසිකව පීඩනයට ලක් වේ නම් එවන් විහිලු කිරීම සදුසු නැත. අපේ යාලුවන් එක්ක විහිලු කිරීමේදී හේතු අනවශ්ය වන අපට , සිනා සීමටද හේතු අනවශ්යයි .නමුත් ethical වෙන්නෙ දෙන්නටම හිනා වෙන්න පුලුවන්නන් තමා.මේක stress එක පාලනයටත් හොදම විසදුමක්. විහිලු කතා පොත් කියවීමෙන් සහ විහිලු(comic) කතා නැරඹීමෙන්ද මෙවන් සිනා උපදී. මේ දවස් වල වහිනව හොදටම, දුවගෙ ඉස්කෝලෙට යන පාරේ ලොකු වතුර වලක්, හැම වාහනයම හිමින් යන අතරේ පිඹගෙන ආපු Wagon R එකක් යහමින් වතුර වලට දමා මාවත් හොදටම නාවා යන්න ගියා.watch එක විතරයි water proof, මම water proof නැති නිසා හිසේ සිට පාදාන්තය දක්වා කොච්චර තෙමුනද කියුවොත් කන අස්සටත් වතුර ගියා😊.මෙවන් දේවල් හිතලත් සමහරක් කරනවා.එවන් දේ කරලා ඇති කරගන්නා හිනාව කොහොම එකක්ද කියලා මට හිතා ගන්නවත් බෑ.මේක විහිලුවක් වෙන් නැත්තේ මට හිනා නොගිය නිසා.

2) සතුටේදී සිනා සීම:
පොඩි හෝ ලොකු සතුටක් දැනෙනවිට ඇතිවන හිනාව විවිදධ වේ.සතුට වැඩි වූ විට සතුටු කදුලුද ඇතිවේ. හොද වැඩක් කල විට, හොද දෙයක් දැක්ක විටද සතුටු😃උපදී ඒ නිසා හිනාව උපදී.

3) උපහාස්ත්මක හා අපහාස්ත්මක හිනාව: යමෙකුට මෙවන් හිනාවක් පෑම අනුමත කල නොහැක. සමාජයේ බහුලව දක්න්ට ලැබෙන මෙයින් මිනිසුත් වචනයෙන් තොරව පීඩාවට පත් කල හැක. Stress එක වැඩි කරයි.හොදින් කතාකර යන්නට හැර අනිත් අයත් එක්ක මෙවන් හිනා පෑම ඔබ බලාපොරොත්තු නොවන්නේ යම් සේද අන් අයත් එසේමය .නැති තැන හිනාවෙන්න ළමයින්ටවත් පුරුදු නොකර ඉදිමු.

4) ව්යාජ හිනාව : විවිධ අවස්තා වල අප ස්වභාවික සිනාවට අමතරව ව්යාජ සිනහවන් පායි. කපටි කමට, වැරද්දක් කලාම, photo posing වලට ,වැඩක් කරගන්න ඕන උනාම etc.කිති කවාගෙනත් හිනාවෙන්න පුලුවන් . තවද laughing gas(Nitrous oxide) ආග්රානය කිරන අතර තුර හිනාව නවත්තගන්නත් බැරුව යනව.

5) සුහද සිනාව : මට කතාකරන්න අවශ්ය උනේ මේක ගැන.මේක බොහෝවිට ශ්රී ලාන්කියයන්ට ආවේනික ලක්ශනයක්. යමෙකු දුටුවම දක් වන සුහද සිනාව (අදුනන හෝ අදුනන් නැති). මනුස්සකමට හිනාවුනාම අමුනුස්කමට බලන මිනිස්සුත් ඉන්න නිසා අඩු ගානේ දන්න අදුනන අය මුන ගැහුනම දක්වන සිනහව ගැන කතා කරමු.
මෙන්න මේක ඇතැම් වැඩිහිටියන්ගෙන් සහ බොහෝ කුඩා දරුවන් ගෙන් අද ගිලිහී ගිහින්. තමන් කොච්චර ලස්සනද කැතද අදාල නැත, ඇත්තටම ලස්සන වෙන්නේ කිසිම වියදමක් නොකර ලබා දිය හැකි මුහුනෙන් නගන සිනාවෙනුයි. ගුරුවරියක් විදිහට මුහුනේ සිනහවක් නැති ළමුන් දුටු විට ඒ ළමයා ගැන විශේෂ අවදානයක් දක්වා සොයාබැලීමේ පුරුද්දක් මට ඇත.ඇතැම් විට ඔවුන් එසේ කරන්නේ යම් කිසි පීඩනයක් නිසා හෝ දෙමාපියන් අනුගමනය කරන නිසා හෝ එය පුහුණු කර නැති නිසා හෝ අධික කුලෑටි කම/ගෞරවය නිසා හෝ හේතුවක් නොමැතිවම විය හැක.ඒ ගැන විශේෂ දැනුමක් නැතත් එවන් ළමුන් මම කෙසේ හෝ හිනා වීමට පොලබවයි.ප්රශ්නයක් ඇත්නම් ළමයාට නොතේරෙන්න සොයා බලයි. මම මේ සුහද හිනාව ලන්කාවට ආවේනිකයි කියුවේ පිටරට(බොහෝ රටවල) හැදෙන ලාන්කික බහුතරයක් ළමයින්ට මෙම හිනාව නැති නිසයි. හේතුව වැඩිපුර දක්නට ලැබෙන්නේ හිනා නොවන පුද්ගලයන් නිසා විය හැක.ඇතැම් දෙමාපියන්ද මෙසේමය , හිනා වෙන්නෙ හැරියට සල්ලි වියදම් වෙයි වගේ,බලන්නත් බයයි.එහෙම අයගෙ දරුවන්ටත් ඒ පුරුද්ද නැත. අනේ හිනාවක් තියනකොට පුංචි දරුවෙක් කොච්චර ලස්සනද.සමහර විට ඔයාලා එයාලට ගොඩක් දේවල් කියලා දුන්නට කියලා දෙන්න අමතක වෙලා ඇති ,අදුරන කෙනෙක් දැක්කම හිනා වෙලා කතා කරන්න කියලා.මේහෙම පොඩි කාලේ ඉදලම පුරුදු කිරීමෙන් දරුවන්ගෙ කුලෑටි කමත් දුරුවෙලා පෞරුෂයත් වර්ධනය වෙනවා.හිනා වෙන් නැති දරුවන් එක්ක හොදට කටපුරා හිනාවෙන්න,කතාකරන්න,එතකොට එයාලා නිරායාසයෙන් හිනාවෙනව වගේම ඒකට පුරුදු වෙනව. නිකන් දෙන්න පුලුවන් ලස්සන හිනාවක් තියෙද්දී මොකටද නොදී ඉන්නෙ .

මේ මම දැක්ක හිනාවල් මිස පොතේ ඇති හිනාවල් නොවන බව කරුනාවෙන් සලකන්න







Comments

  1. කොහොමද මේ බ්ලොග් එක මට මිස් උනේ? :) අහම්බෙන් අද ලින්ක් එක දැක්කේ.. මේ මුල ඉඳල ඔක්කොම කියවන ගමන්.. ජයවේවා! දිගටම ලියන්න. :)

    ReplyDelete
    Replies
    1. Thank you! kalekin awey me pathey :) , liyanan

      Delete

Post a Comment

Popular posts from this blog

පුදුම වේලාව

Digital වලින් එහා තවත් ලෝක ඇත පරීක්ෂණය